"පොහොට්ටුවෙන් මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී.ල.නි.ප සුදානම්" - ඩිලාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

"පොහොට්ටුවෙන් මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී.ල.නි.ප සුදානම්" - ඩිලාන්

ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇති බවමන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළ අතර වැදගත් වන්නේ ලකුණ, පුද්ගලයා නොව වැඩපිළිවෙල බැවින් පුද්ගලයකු වටා නොව යම් කිසි වැඩපිළිවෙලක් වටා ඉදිරි පුළුල් සන්ධානය ගොඩ නගන බව කී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජයගන්නා බව ද කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad