තමන් විවේචනය කළ අයට කුසල් මෙන්ඩිස්ගෙන් පිළිතුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

තමන් විවේචනය කළ අයට කුසල් මෙන්ඩිස්ගෙන් පිළිතුරු


පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථකවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මාධ්‍ය තුළ දැඩි පහර
කෑමට ලක්විය.

ඇතැම් විද්‍යාත් නාලිකා ඔහු කන්ඩායමෙන් ඉවත් නොකර රකින්නේ ඇයිද යන්න ගැන වැඩසටහන් පවා ප්‍රචාරය කර තිබුණි. අන්තර්ජාලය තුළද එහුට නිතර උසුළු විසුළු ලැබිණි. නමුත් අද ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුනු 84 ක් ලබා ජයග්‍රහණයට මුල්වී ඔහු තරගයේ වීරයාද වූයේය.
ක‍්‍රිකට් පිළිබඳ දන්නා පිරිස් පමණක් තමන් සමඟ සිටි බව ශ‍්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා යනුවෙන් කුසල්  සදහන් කලේ අද (23) නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ වීරයා බවට පත් වීමෙන් පසු  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉකුත් සමයේ සිය අසාර්ථකත්වයට සමාජජාල ඔස්සේ විවිධ විවේචන එල්ල කර තිබු බව කුසල් මෙන්ඩිස් මෙහිදී සඳහන් කල අතර අද තරගයේ දී  ඕෂද ප‍්‍රනාන්දු සමඟ එක්ව ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යමින් තමන් ඊට පිළිතුරු ලබාදුන් බවද ඔහු සදහන්  කළා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කලේ  සිය කණ්ඩායම තමන් පිළිබඳ තැබූ විශ්වාසයට ස්තූති වන්ත වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad