විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රටම කැමැතියි බව මහින්ද කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රටම කැමැතියි බව මහින්ද කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රටම කැමැතියි බව මහින්ද කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා පමණක්‌ නොව රටේ සමස්‌ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විධායක බලය අහෝසි කිරීම පිළිබඳව සිදු කරනු ලැබූ ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමකදී මහින්ද රාජපක්‍ෂ මහතා එම ප්‍රකාශය කළේය.

ජනාධිපති බලතල අහෝසි කිරීම පිළිබඳව තමන් මීට පෙර සාකච්ඡා කළ බවත් මෙය එහි ප්‍රතිඵලයක්‌ විය හැකි බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති විධායක බලතල අහෝසි කිරීමේදී සුළු ගැටලු කීපයක්‌ ඇති වුවද ඒවා බරපතළ නොවන ගැටලු බව කී මහින්ද රාජපක්‍ෂ මහතා ඒවා ළඟදීම නිරාකරණය කරගන්නා බවද කියා සිටියේය. 

මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

"මේ ආණ්‌ඩුව ගැන අපට කියන්න වචන නැහැ. මේ ගොල්ලෝ කරන දෙයක්‌ නැහැ. කරපු දෙයක්‌ නැහැ. මෙයාලා තාමත් බයිලා ගහනවා බයිලා චක්‍රවර්තිලා වගේ. රටේ ජනතාවගේ ප්‍රශ්න තාමත් විසඳිලා නැහැ. ජනතාව තව තවත් අසරණ කරනවා. මත්කුඩු අද වසංගතයක්‌ වගේ. ආණ්‌ඩුවේම ඇමැතිවරු කියන කතා අනුව මත්ද්‍රව්‍යවල අද තත්ත්වය කොහොමද කියලා පැහැදිලි වෙනවා. ජනාධිපති බලය අහෝසි කිරීමට අපි පමණක්‌ නොවෙයි මේ රටේ සෑම තරාතිරමකම ජන කොටස්‌ ඊට කැමැත්ත දක්‌වනවා."

No comments:

Post a Comment

Post Bottom Ad