
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ රජය විසින් පවත්වන බව අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.
අනුරාධපුරයේ පැවති ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම එක්සත් ජාතික පක්ෂයට තනිව තීරණය කළ නොහැකි බවයි.
අද වන විට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩපිළිවෙලට ශක්තියක් වීමට කැමති ඕනෑම අයෙකුට හැකියාව ඇති බවත්, පොහොට්ටුවෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුන් හෝ සිටී නම් එයට බාධාවක් නොමති බව ද පැවසීය.
පළාත් සභා මැතිවරණය කල් යෑම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් නොවන බව ද සඳහන් කළ අමාත්‍යවරිය එය සියලු පක්ෂවල වගකීමක් බව ද සඳහන් කළේය.
No comments:
Post a Comment