Loading...
ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත අගමැතිවරයෙක් පත් කිරීම සඳහා වූ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා විමුක්ති පෙරමුණ ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුත්තේ කෙසේද, ඒ අනුව ඉදිරියට ගෙන එන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතය.
පවතින විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද යෝජනා කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මේ සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණිය හැකි බැව් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේදී ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතවීමත් එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමත් සිදු කළ යුතුය.
එහිදී ජනමත විචාරණයකට යා යුතු බවට තීරණය වුවහොත් ඒ සඳහා යා යුතු වේ.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment