මෙරට කුඩු ජාවාරම කොටුකර ගන්න ධීවර යාත්‍රාවලට 'ගැජට්‌' එකක්‌ මාළුන්ගේ ෆොටෝ ගහන්නත් පුළුවන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

මෙරට කුඩු ජාවාරම කොටුකර ගන්න ධීවර යාත්‍රාවලට 'ගැජට්‌' එකක්‌ මාළුන්ගේ ෆොටෝ ගහන්නත් පුළුවන්.

Loading...
ධීවර යාත්‍රා යොදාගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී කටයුතු කොටුකර ගැනීම සඳහා නවීන තාක්‍ෂණයෙන් යුත් මෘදුකාංගයක්‌ හඳුන්වා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
වරායකින් ධීවර යාත්‍රාවක්‌ පිටත්වන අවස්‌ථාවේදී එම යාත්‍රාවේ සිටින පුද්ගලයන් සහ රැගෙන යන භාණ්‌ඩ පිළිබඳව එසැනින් ධීවර දෙපාර්තමේන්තුවට, නාවික හමුදාවට සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දීමට එම උපාංගයට හැකියාව ඇති බව ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.
එම මෘදුකාංගය පිළිබඳව පසුගියදා ඇමැතිවරයා විසින් ධීවර යාත්‍රා හිමිකරුවන් දැනුවත් කරන ලද අතර, යාත්‍රාවක්‌ මුහුදු ගිය පසු එම යාත්‍රාව මුහුදේ තිබෙන ස්‌ථානය ද එමගින් හඳුනා ගැනීමට හැකියාව ඇති බව ද ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම තමන් අල්ලන ලද මසුන් මුහුදේ සිටම ඩිජිටල් වෙළෙඳ මධ්‍යස්‌ථාන වෙත පෙන්වා මත්ස්‍ය මිල ගණන් නියම කර ගැනීමට මෙන්ම මසුන් අලෙවි කිරීමට ද හැකියාව ඇති බවත් ඉදිරියේදී මෙම මෘදුකාංගය ධීවර ජනතාවට ලබා ගැනීමට හැකිවන පරිදි කටයුතු කරන බවත් ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි. එසේම මුහුදේ සිට අල්ලන ලද මත්ස්‍යයන්ගේ ඡායාරූප පවා එවීමට එම මෘදුකාංගය හරහා හැකියාව ඇති කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad