මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා!

Loading...
කුරු මිනිසුන් දෙදෙනකු මහවිලච්චිය පොලිස්‌ වසමේ ස්‌ථාන කිහිපයකට 20 දා සවස්‌ කාලයේ පැමිණ තිබෙන බවත්, එම කුරු මිනිසකු එල්ල කළ ප්‍රහාරයකින් විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ තරුණ කාන්තාවන් දෙදෙනකු සිරීම් තුවාල ලබා තිබෙන බවත් පවසමින් මිනිසුන් මහවිලච්චිය පොලිස්‌ ස්‌ථානයට දුරකථනය මගින් දැනුම් දී තිබේ.
විලච්චිය පාර, 370 තුලාන, ඇත්දත්කල්ල, පේමඩුව ගම්මානයේ අශෝකා රණසිංහ (27) හා සාමා චාන්දනී (37) කාන්තාවන්a දෙදෙනා දින දෙකකදී මෙම ප්‍රහාරයන්ට ලක්‌ව තිබේ.
පසුගිය 19දා මෙම කුරු මිනිසෙකුගේ ප්‍රහාරයට ලක්‌ වූ සාමා චාන්දනී මහත්මිය මෙසේ පැවසුවාය.
මා ගේ පිටුපසට යන විට ඒ අසල ඇති සියඹලා ගස ළඟ අඩි 2 ක පමණ උස ලොම් සහිත කළු මිනිසෙකු සිටිනවා දැක්‌කා. කොණ්‌ඩය පොකුටු වූ රතු පාට දීප්තිමත් ඇස්‌ දෙකක්‌ තියෙන කෙනෙක්‌. කරේ පොඩි පොලු කැබැල්ලකුත් තිබුණා. මා "අක්‌කේ" කියා කෑ ගසන විට මගේ අත සූරා දමා කැලයට දිව ගියා. මාගේ කෑගැසිල්ලට ගමේ අය බොහෝ දෙනෙක්‌ කැති පොරෝ අරන් ආවා. ඒ අය කැලේ පීරා බැලුවත් කිසිම කෙනෙකු සොයා ගන්න බැරි වුණා.
මෙම සිදුවීමට මුහුණපෑ ඇත්දත්කල්ල ගම්මානයේම පදිංචි අශෝකා රණසිංහ මහත්මිය (27) මෙසේ පැවසුවාය.
චාන්දනී අක්‌කා මෙවැනි සිදුවීමකට මුහුණපා තිබෙන බව ආරංචි වුණා. අපේ නිවස පිටුපස තිබෙන අඹ ගස යට වෙනදා දැක නැති කුරු බල්ලෙක්‌ සිටියා. මම අඹ ගස දෙසට යන විට ඒ බල්ලා මගේ දෙසට බුරාගෙන ඇවිත් ඇඟට පැන සූරා දැමුවා. මගේ අත තුවාල වුණා. මම දඟලලා නිවසට දිව යන්න හදනකොට ඒ බල්ලාගේ පිටුපසින් අර සාමා අක්‌කා කිව්වා වගේ අඩි 2 ක්‌ පමණ උස විකෘති මුහුණකින් යුත් පුද්ගලයකු කැලයට දිව ගියා.
ඊට අමතරව ඔයාමඩුව හැළඹවැව යන ප්‍රදේශල කැලෑබද කුඹුරු හා හේන් හරහා කුරු මිනිසුන් ගමන් කරන අයුරු ගොවියන් පිරිසක්‌ දැක තිබෙන බවත් එම සිද්ධීන් දුටු කීප දෙනකු සිහිසුන් වී ඇති බවත් පිරිස පැවසූහ.
මේ පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම කුරු මිනිසුන් පැමිණ ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්‌ සිදු කර ඇතත් එවැනි කිසිදු පුද්ගලයකු හමුනොවුණු බව පවසයි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad