ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන්ට ජනමාධ්‍ය අමාත්‍යංශයත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන්ට ජනමාධ්‍ය අමාත්‍යංශයත්

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන්ට ජනමාධ්‍ය අමාත්‍යංශයත්

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ සිට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.

කිසියම් අමාත්‍යංශයකට කැබිනට් අමාත්‍යවරයකු නොමැති අවස්ථාවක එම කැබිනට් අමාත්‍ය ධූරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාට හිමිවේ.

No comments:

Post a Comment

Post Bottom Ad