“කුඩු දෝණි“ ලක්ෂ 18 ක හෙරොයින් එක්ක අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 29, 2019

“කුඩු දෝණි“ ලක්ෂ 18 ක හෙරොයින් එක්ක අත්අඩංගුවට

“කුඩු දෝණි“ ලක්ෂ 18 ක හෙරොයින් එක්ක අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 18 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 120 ක් සමඟ අවුරුදු 28 ක එක් දරු මවක් ඊයේ(28) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගැනිමට මාතර දිසා දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් සමත් වී ඇත.

මාතර, මිරිස්ස ප්‍රදේශයට මහා පරිමාණයෙන් හෙරොයින් රැගෙන එන කාන්තාවක් පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

ඊයේ දිනය පුරා කරන ලද මෙහෙයුමකින් අනතුරුව මාතර වල්ගම ප්‍රදේශයේදි මෙම කාන්තාව හෙරොයින් ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් කාන්තාව වැලිගම ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම සිදු කරනු ලබන “කුඩු පාලිකා“ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කාන්තාවගේ දියණිය වන අතර ඇය “කුඩු දෝණි“ ලෙසින් හඳුන්වනු ලබයි.

මෙම කාන්තාව මේ වන විට මිනිමැරිම් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයකු වන “හරක් කටා“ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමඟ සම්බන්ධ වී මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇත.

මෙම හෙරොයින් බන්ධනාගාරය හරහා මෙම කාන්තාවට ලැබි ඇති බවට මේ වන විට සිදු කල මුලික පරික්ෂණවලදි අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකාරිය හෙට(30) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad