ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 29, 2019

ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බවයි.
මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි.
හෙළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි.
හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි.

No comments:

Post a Comment

Post Bottom Ad