2020දී මොන වීරයා ආවත් රට ගොඩදාන්න බෑ..- ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 29, 2019

2020දී මොන වීරයා ආවත් රට ගොඩදාන්න බෑ..- ජනපති

Loading...
රට තුළ විප්ලවීය වෙනසක් සිදු නොකළහොත් 2020 දී මොන වීරයා රට භාර ගත්තත් රට ගොඩගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
අද වන විට රට වැටෙන්නට ප්‍රධානම හේතු වී ඇත්තේ රට තුළ ආණ්ඩු 10ක් 15ක් පැවතීම යැයිද ජනාධිපතිවරයා පවසයි.
මෙම තත්වය වහාම නිවරදි කර නොගත්තොත් රට කොහෙන් කෙලවර වේ දැයි කිව නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවති ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.
රජයේ ආයතන වල සිදුවන වංචා දුෂණ නැති කළහොත් අයවැය පරතරය පවා පියවා ගැනීමට එම මුදල ප්‍රමාණවත් වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයට ආදායම ලැබෙන ආයතන කිහිපයකම මහා පරිමාණ වංචාව දූෂණය පවතින බවත් කිසිදු රජයක් ඒවාට අත නොතියන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad