ඩුබායිවලින් එවපු තවත් 3ක් ලංකාවේදී CID බාරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

ඩුබායිවලින් එවපු තවත් 3ක් ලංකාවේදී CID බාරයට

ඩුබායිවලින් එවපු තවත් 3ක් ලංකාවේදී CID බාරයට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවේ සිට පිටුවහල් කෙරුණු  තවත් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් මොවුන් දිවයිනට පැමිණ ඇති බවයි.

ඒ අනුව මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවේ සිට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානී ඉම්රාන් ද අද උදෑසන ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගනු ලැබුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad