Loading...
මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් ජලය සහ ආහාර සොයා මුලතිව් රක්ෂිතයන්හි සිට වන අලින් ගම් වැදීමේ අවධානමක් පැවතීම හේතුවෙන් ගම්වාසීන් දැඩි පීඩාවන්ට පත්ව ඇත.
මුලතිව් සෙම්මලේ පුලියමුනෙයි ප්‍රදේශයට වන අලින් රංචුවක්ම ගම් වැදීම හේතුවෙන් වගාවන් රැසක්ට මෙන්ම පොල් වගාවන් වෙතටද දැඩි අලාභහානි සිදු කොට ඇති අතර ඇතම් නිවාස වෙතටද හානි සිදු කොට ඇති බවට වැසියන් කියා සිටිති.
සෙම්මලෙයි වැසයන් කියා සිටියේ පවතින නියං කාලගුණයත් සමග වන අලින් ගම් වැදීම හේතුවෙන් සිය නිවාස වල රාත්‍රි කාලයේ දිවි ගෙවීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙනා බැවින් වනජීවි නිලධාරීන් අවධානය යොමු කොට වන අලින් පලවා හැරීමට හෝ අලි වැටක් ඉදිකිරීමට වහාම පියවර ගත යුතු බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
-lankasinhalanews
No comments:
Post a Comment