රත්ගම ඝාතනය : පොලීසියේ තවත් දෙදෙනෙක් භාරවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

රත්ගම ඝාතනය : පොලීසියේ තවත් දෙදෙනෙක් භාරවෙයි

රත්ගම ඝාතනය : පොලීසියේ තවත් දෙදෙනෙක් භාරවෙයි

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් අද අධිකරණයට භාර වී තිබේ.

ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් 15 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන් ලබන මස 08 වැනිදා දක්වා යළි රක්ෂිතබන්ධගාරගත කෙරිණ.

ඒ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පසුගිය ජනවාරි 23 වැනි දින රත්ගම පොලිස් වසමේ බූස්ස පදිංචි පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad