"මහනුවර රථවාහන සැලැස්ම ආපස්සට හරවන්න දෙන්නේ නැහැ" - මෛත්‍රී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

"මහනුවර රථවාහන සැලැස්ම ආපස්සට හරවන්න දෙන්නේ නැහැ" - මෛත්‍රී

මහනුවර නගරයේ රථවාහන සැලැස්ම උද්ඝෝෂණ සිදුකොට ටයර් පුළුස්සා කොපමණ විරෝධය කළ ද අත්හිටුවන්නේ නොමැතිබව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේය.

දේශීය ලොකුළූණු ගොවීන් හමුවීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීහු ආණ්ඩුකාරවරයාගෙන් රථවාහන සැලැස්ම නිසා මහනුවර නගරයේ පවතින ගැටලුව පිළිබඳව විමසූ අවස්ථාවේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මාස එකහමාරක පමණ කාලයක සිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට වාහන ඇතුලත් කිරීම ගමන්කිරීම සැලසුමක් සකස් කළ බවත් එම සැලසුම අනුව තමන්ට ලැබී ඇති වාර්තා සැලකිල්ලට ගත් කල ඒම ක්‍රියාවලිය සියයට අනූවක් සාර්ථක බව හෙතෙම සඳහන් කළේය.

එහෙත් මධ්‍යම පළාතේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක නොකළ කණ්ඩායමක් වසර ගණනාවක් රැඳී සිටින බවත් ඔවුන්ට එය ප්‍රශ්නයක් බවට පත්කරගෙන ඇතැම් පිරිස් යොදවා උද්ඝෝෂණ සිදු කිරීම ටයර් පිලිස්සීම සිදුකරන බවත් එසේ කිසිදු උද්ඝෝෂණ  ටයර්  පිළිස්සීම් සිදුකළද එම වැඩපිළිවෙළ කිසිදු ආකාරයෙන් තමන් නවත්තන්නේ නැති බව සඳහන් කළේය.

තමාව නවත්තන්න තම හිසට ගිනි අවි අමොරුවද  නැවැත්විය නොහැකි බවත් ජනතාවගෙන් සියයට අනුවක් ජයග්‍රහණය ලබන්නේ නම් තමන් සිටින්නේ එසේ  අනුව සිටින පත් පැත්තේ බව කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

No comments:

Post a Comment

Post Bottom Ad