වැය ශීර්ෂය පැරදුණ හේතුව පාඨලී කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

වැය ශීර්ෂය පැරදුණ හේතුව පාඨලී කියයි

වැය ශීර්ෂය පැරදුණ හේතුව පාඨලී කියයි

ඊයේ (28) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පරාජයට පත්වූයේ ආණ්ඩුවේම නොසැලකිලිමත්කම නිසා බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

මෙවැනි දෑ දේශපාලනයේදී සාමාන්‍යයෙන් සිදුවන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතර බලයක් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙයින් මීළඟට කළ යුතුව ඇත්තේ අදාළ අමාත්‍යාංශ දෙකෙහි වැය ශීර්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැවත පාර්ලිමේන්තුවෙහි ඡන්ද විමසීමකට ගැනීම බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව අප්‍රේල් 02 වනදායින් පසුව ඕනෑම දිනයක නැවත මෙය ඡන්ද විමසීමකට ගත හැකි බවයි පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව තුළ සිදුකළ කතාවල පැවති රස්තියාදුකාර ස්වභාවය සහ පෙන්වූ වෛරය දෙස බලන විට පෙනී යන්නේ තමන්ව රාජපක්ෂලා විසින් ප්‍රධාන සතුරා හැටියට තෝරාගෙන තිබෙන බවක් බව පැවසූ ඒ මහතා ඔයිට වඩා දේවලට වුවත් තමන් මුහුණ දෙන බවත් වහලුන් තමන්ට ලොකු ප්‍රශ්නයක් නොවන බවත් අවධාරණය කළේය.

සබැඳි පුවත් : මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පරාජයට

No comments:

Post a Comment

Post Bottom Ad