මාකදුරේ මධුෂ් ඇතුළු සියළු දෙනා ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායකදී අත්අඩංගුවට ගන්න සූදානම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

මාකදුරේ මධුෂ් ඇතුළු සියළු දෙනා ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායකදී අත්අඩංගුවට ගන්න සූදානම් !

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු සියළු ශ්‍රී ලාංකිකයන් මෙරටට පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ කරයි. ඒ අනුව ඉතා නුදුරේදීම මෙම පිරිස ශ්‍රී ලංකාව බලා පිටුවහල් කරනු ඇතැයි එම වාර්තාවන් හි දැක්වේ.
මේ වන විට ඩුබායි අත් අඩංගුවේ සිටි පිරිසෙන් හයදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කරන සාධයකදී මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්ද‍්‍රව්‍ය භාවිත කිරීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවන් එල්ල කරමිනි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් එම පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලා තිබින.

පෙබරවාරි 05 වන දින අත්අඩංගුවට ගත් මෙම පිරිස දින 50න පමණ කාලයක් එරට අත්අඩංගුවේ පසුවිය.

මේ අතර ශ‍්‍රී ලංකා පොලිසියේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එම පිරිස මෙරටට පිටුවහල් කලහොත් කටුනායක ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad