යළිත් නැගිටින්නට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා දෙවැනි එක්දින තරගය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

යළිත් නැගිටින්නට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා දෙවැනි එක්දින තරගය

Loading...
ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (06 දා) සෙන්චූරියන් හිදී පැවැත්වේ. දිවා රාත‍්‍රි තරගයක් වන මෙය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට ආරම්භ වීමට නියමිතය.

 දකුණු අප‍්‍රිකාවේදී ශ‍්‍රී ලංකාව පිට පිටම එක්දින තරග හයක් පරාජයට පත්ව තිබේ. 2017 වසරේදී තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 5-0 ක් වශයෙන් බැට කෑ ශ‍්‍රී ලංකාව මෙවර තරගාවලියේ පළමු තරගයෙන් ද පරාජයට පත්වෙමින් තරගාවලිය 1-0 ක් වශයෙන් පසුපසින් සිටිමින් අද සටනට පිවිසෙයි.

 තරගය පැවැත්වෙන සෙන්චූරියන්හි පිහිටි සුපර් ස්පෝට්ස් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා පිල මීට පෙර තරග වැදුන අවස්ථා පහකින් හතරක්ම පරාජයට පත්ව තිබේ. ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි. නමුත් සත්කාරක දකුණු අප‍්‍රිකානුවන් කී‍්‍රඩා කළ තරග 39 කින් 25 ක් ජය ගෙන ඇත. ඔවුන් එහිදී ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 65.78% ක් වශයෙන් සටහන් කරගෙන තිබේ.

 ලෝක කුසලානට පෙර ශ‍්‍රී ලංකාවට තවත් එක්දින තරගාවලියක් නොතිබෙන බැවින් මෙම තරගයේදී වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇත. ශ‍්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් එක්දින රිද්මයට අවතීර්ණ වී නොතිබීම පළමු තරගයේදී පැහැදිලිව දක්නට ලැබුණි. ඔවුන් පුහුණු තරගයේදී ලබාගත් ශක්තිමත් ස්ථාවරත්වය පළමු එක්දින තරගයේදී ගිලිහී යෑමෙන් මෙම තරගයේදී වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකිය.

 සංචිතයේ සිටින ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ප‍්‍රනාන්දු පුහුණු තරගයේදී අර්ධ ශතක ලැබුවෙකි. ඔහුට අද තරගයේදී ස්ථානයක් වෙන් වන්නේ නම් උපුල් තරංග හෝ නිරෝෂන් දික්වැල්ල එළියට යා යුතුය. එමෙන්ම තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද සංචිතයේ සිටින බැවින් ඔහුව කණ්ඩායමට රැගෙන එ්මට ධනංජය ද සිල්වා ඉවතට යා යුතුය. ටෙස්ට් තරගාවලියේ සිටම සංචිතයේ සිටින ඇන්ජලෝ පෙරේරාට ද තවම තරගයක් ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවීමෙන් ඔහුට ද අවස්ථාවක් ලැබීමේ වැඩි අවස්ථාවක් පවතී.

 අද තරගය ශ‍්‍රී ලංකාවට ජයගත යුතු වන්නේ තෙවැනි තරගයට එන විට තරගාවලිය 2-0 ක් වශයෙන් සිටියහොත් අමතර පීඩනයක් සමඟ සටන් කිරීමට සිදුවන බැවිනි. කෙසේ හෝ ශ‍්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් සත්කාරක දකුණු අප‍්‍රිකානුවන්ට සටනක් එල්ල නොකළහොත් ටෙස්ට් තරගාවලියේ ලද අභිමානය එක්දින තරගාවලියේදී සුණු විසුණු වනු ඇත.

 ශ‍්‍රී ලංකා කණ්ඩායම

 ලසිත් මාලිංග (නායක) නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප‍්‍රනාන්දු, අවිශ්ක ප‍්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කමිදු මෙන්ඩිස්, කසුන් රාජිත, ප‍්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන

 දකුණු අප‍්‍රිකානු සංචිතය

 ෆෆ් ඩූ ප්ලෙසිස් (නායක), ක්වියින්ටන් ඞී කොක්, රීසා හෙන්ඩි‍්‍රක්ස්, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිලර්, වියන් මුල්ඩර්, ලූන්ගි නිගිඩි, අන්රිච් නෝට්ජි, අන්දිල් පෙලූක්වායෝ, ඞ්වයින් ප්‍රෙටෝරියස්, කාගිෂෝ රබාඩා, තබ්රිස් ෂම්සි, ඬේල් ස්ටේන්, රසී වැන්ඩර් ඩුසීන්
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad