ශ්‍රීලනිප හා පොහොට්ටු සාකච්ඡා අවසන් - තෙවන වටයටත් දින තීන්දුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

ශ්‍රීලනිප හා පොහොට්ටු සාකච්ඡා අවසන් - තෙවන වටයටත් දින තීන්දුයි

ශ්‍රීලනිප හා පොහොට්ටු සාකච්ඡා අවසන් - තෙවන වටයටත් දින තීන්දුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි තෙවන අදියර අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද දින පැවති මෙම සාකච්ඡාවේදී යම් ප්‍රතිපත්ති මාලවක් සඳහා එකඟවීමට දෙපාර්ශවය විසින් කරුණු 20ක් සහිත අනාගත වැඩපිළවලක් මෙහිදී ඉදිරිපත් කළ අතර එය සකච්ඡාවට ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙපාර්ශවය අතර අද දින පැවති දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිමා වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණේ නියෝජිතයින් අතර දෙවන නිල සාකච්ඡාව අද(21) විපක්ෂ නායකවරයාගේ කාර්යාලයදී පැවැත් විය.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගීවී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad