මාකදුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන, මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් 'කංජිපානි ඉම්රාන්' සහ රොටුඹ අමිල නැමැත්තා අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපළට පැමිණි ඔවුන් මාලදිවයින බලා පිටත්ව යෑමට උත්සහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස ඔහුව සිය භාරයට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, කංජිපානි ඉම්රාන් නැමැත්තා අද උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.
ඔහු කටුනායකට පැමිණීමෙන් අනතුරුව මාලදිවයින බලා යාමට සැලසුම් සකස් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ගුවන්තොටුපොළේදී සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.
Wednesday, March 27, 2019
මාලදිවයිනට පනින්න ගිය කංජිපානි කටුනායකදී මාට්ටු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment