මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
ගම්පහ සණස ශාලාවේදී පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියන්,
“මේ පුජනීය පින්බිම වස විසෙන් තොර කරලා මුළු ලෝකයටම පෙන්විය යුතුයි. හොඳම ආහාරපාන නිපදවනු ලබන රටක් බව. මේ අනුව තව වසර 10ක්, 15ක් පමණ යනවිට මෙරට දරුවන් නීරෝගීමත් පිරිසක් වේවි. මේ රටේ අනුරාධපුරය , පොළොන්නරුව ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවකම වස විසෙන් තොර ආහාර පාන වගාකළත් රජය මගින් පොහොර ලබාදීම හේතුවෙන් එය කඩා දැමීම සිදු කළා. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කාබනික වගාව යටතේ භෝග වගා කිරීමෙන් වගාකරුවන් ලාභ ලබන තත්ත්වයට පත්උනා. පිටිකිරි ගැන කතා කරන විට දරුවන්ට හරක් කිරි ලබාදීම ලෝකයේ බොහෝ රටවල නතර කරමින් යනවා. දරුවන්ට මවුකිරි ලබාදීම විය යුතුයි. කිරිපිටි පානය කිරීම යනු වසක් පානය කිරීමයි. පිටිකිරි වලට ඌරු තෙල් ඇතුළු විවිධ දේවල් මිශ්‍ර කරන බව හදුනාගෙන තිබෙනවා”
Wednesday, March 27, 2019
මීළඟ ජනපති ගැන රතන හිමිගෙන් ඉඟියක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment