පොලිසියේ කාකි ඇඳුම වෙනස් කරනවා - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 28, 2019

පොලිසියේ කාකි ඇඳුම වෙනස් කරනවා - ජනපති

පොලිස් නිල ඇඳුම ලෙස භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28දා) පස්වරුවේ එක්වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගෙවීගිය මාස කිහිපය තුළ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මෙන්ම අභ්‍යන්තරව සිදු කළ යුතුව තිබූ වෙනස්කම් රැසක් සිදු කිරීමට ද පියවර ගත් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad