මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ !

මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් සහ දේපළත් තිබෙන බව ඔහුගේ සමීපතම ගෝලයා වූ අත්අඩංගුවට පත් කැලූම් ඉන්දික සම්පත් යන අය පොලිසියට තොරතුරු අනාවරණය කළ බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා ප‍්‍රකාශ කළේය.

මෙම විශාල මුදල් ප‍්‍රමාණය සහ දේපළ මාකඳුරේ මධුෂ්ගේ සමීප හිතවතුන්ගේ නම්වලින් පවතින බවද පොලිස් පරීක්‍ෂකවරයා සඳහන් කළේය.

මේ අනුව ඉදිරියේදී මාකඳුරේ මධුෂ් ශ‍්‍රී ලංකාවට එවූ පසු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ හිතවතුන් පිරිසද අත්අඩංගුවට ගන්නා බව ලින්ටන් සිල්වා මහතා සඳහන් කළේය.

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයා වූ කැලූම් ඉන්දික සම්පත් ළ`ගින් ඇසුරු කළ සහකාර පුස්තකාලාධිපතිවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් පරිදි කොල්ල කෑ රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තිය පොලිස් කණ්ඩායම්වලට සොයා ගැනීමට හැකි වූයේ කැලූම් ඉන්දික සම්පත්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවය.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පෑලියගොඩ පොලිස් කණ්ඩායමක් මෙම දියමන්ති කොල්ලයේ සුලමුල මුලින්ම අනාවරණය කර ගත්තේය.

දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad