Loading...
වවුනියාවේ ඕමන්ත සමයපුරම් ප‍්‍රදේශයේ නිවසක තිබී මහජන පාරිභෝජනයට නුසුදුසු ව්‍යාජ මී පැණි බෝතල් 116 ක් සමග සැකකරුවකු ඕමන්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ නොච්චිමුට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් 9 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත අදාල නිවස වටලා ව්‍යාජ මී පැණි බෝතල් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ මී පැණි ස්වල්පයකට සීනි දිය කළ මිශ‍්‍රණයක්ද ගස් වල යුෂ වර්ග කීපයක්ද එකතු කොට මෙම මී පැණි සකස් කරන බවයි.
උත්සව සමයේදී එම මී පැණි බෝතලයක් රුපියල් එක්දාස් අටසීයකට අලෙවි කළ හැකිබවද ඔවුන් පවසා තිබේ.සැකකරුව වවුනියාව දිසා අධිකරණට වෙත ඉදිරිපත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පියවර ගෙන තිබේ.
දිවයින පුවත්පත
No comments:
Post a Comment