Loading...
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනිමෙන් අනතුරුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරු 8.30 කටයුනායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඇමරිකා එක්සත් ජනපදයේ දින කිහිපයක පුද්ගලික සංචාරයකින් පසු ඒ මහතා ආපසු හෙට මෙරටට පැමිණේ.
ඇමරිකාවේ ගතකල කාලය තුලදී ඒ මහතාට විරුද්දව සිවිල් නඩු දෙකක් පවරන ලද අතර ඇමරිකාවෙන් පිටවීමට නොදී එහිම රදවාගන්නා ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබින.
නමුත් එම ඉල්ලීම ඇමරිකා බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.
ගෝටාභය රාජපක්‍ෂ මහතා පිලිගැනීම සදහා විශාල පිරිසක් හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපලට එක්වනු ඇති බවත් රථ පෙලපාලියකින් ඔහු කොළඹ දක්වා කැදවාගෙන එනු ඇති බවද වාර්තා වෙයි.
අද දිනයේ කටුනායක ගුවන් තොටුපල ආරක්‍ෂාව දැඩි කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
No comments:
Post a Comment