ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය ආරම්භ වන සහ අවසන් වන දිනයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වීම ගැන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත. ඔවුන්ගේ මතය වී ඇත්තේ 19 සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08 අවසන් වන බවයි.
මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම පදනම් විරහිත යැයිද ඔවුහු කියා සිටිති.
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි මස 08 වෙනිදා ද එසේත් නැතිනම් 2020 ජූනි මස 21 වැනිදා දැයි ගැටළුවක් ඇතැයි ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද සූදානම් බවද ඔහු සඳහන් කළේය.
ශ‍්‍රීලනිපයේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන්නේ කතානායක වරයා 19 වන සංශෝධනයට අත්සන් තැබූ දින සිට බවයි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුවේ 2/3 වඩා වැඩි පිරිසක් වන අතර ජනාධිපතිවරයාට මෙය ඉතා අභියෝගාත්මක හා අහිතකරම තත්ත්වයක් වනු ඇත.
එම ප‍්‍රමාණය පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ඉතා පහසුවෙන් සම්මත කල හැකි තත්වයකි.
Wednesday, April 10, 2019
ජනාධිපතිට පාර්ලිමේන්තුවේ 2/3ක් විරුද්ද වේ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment