රයන් අද යළි අධිකරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

රයන් අද යළි අධිකරණයට

රයන් අද යළි අධිකරණයට

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලීසියට භාර දෙනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරෙන අතර ඔහු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් සෙසු පුද්ගලයින් සිව්දෙනා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැරියේය.

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිට එරටින් පිටුවහල් කෙරුණු රයන් වෑන් රෝයන් කටුනායක ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට වෙත භාරදෙනු ලැබීය.

වැලිගම පොලීසිය මඟින් ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර අද දක්වා රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

ඒ අනුව ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ 15දෙනා අතරින් 08 දෙනෙකු මුදා හැර ඇති අතර සෙසු 07 දෙනා වැඩිදුර විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad