දිවයිනේ ස්ථාන 8 කදී සිදුවූ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයින් 321 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ රටේ වත්මන් තත්ත්වය හමුවේ කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සභා වාරයේදීයි.
මේ අනුව, ප්‍රහාරවලින් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 375 දෙනෙකු රෝහල් වල දැනට ප්‍රතිකාර ලබන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
එසේම, මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විදේශිකයන් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම, මෙම ප්‍රහාරය නවසීලන්තයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් සිදුකරන ලද්දක් බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
මේ අතර, ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අද දිනයේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලැබූ අය සිහිපත් කරමින් විශේෂ පහන් පූජා සංවිධාන කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් දිවයිනේ පිහිටි සියලුම බෞද්ධ සිද්ධස්ථානවල පස්වරු කාලයේ ආගමික වතාවත් සිදුකරන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.
Tuesday, April 23, 2019
පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළට !
Tags
# ඕපදූප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment