ප්‍රහාරවල වගකීම මුජිබර් රහුමාන් බාර ගත යුතුයි - විජේදාස - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

ප්‍රහාරවල වගකීම මුජිබර් රහුමාන් බාර ගත යුතුයි - විජේදාස

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විසින් බාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තව්හීක් ජමාත් සංවිධානයේ පවුල් 4ක 32දෙනෙක් ISISවලට ගොස් පුහුණු වී මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් සූදානම් වන බව  2016 නොවැම්බර් මස 18 වැනිදා විජේදාස රාජපක්ෂ මහතා පැවසූ බව මෙහිදී සඳහන් කළේය.

එලෙස ප්‍රකාශ කිරීමත් සමඟ රජයේ ඇමතිවරුන් මාධ්‍ය සාකච්ඡා තබමින් තමා කළ ප්‍රකාශ අසත්‍ය යැයි පැවසූ බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විජේදාස රාජපක්ෂ මහතාට ශාප කළ බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad