ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නැමැත්තාගේ සැලසුම වුණේ පළාත් නවයේම එකවර මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් එල්ල කිරීමට බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
එම සැලසුම ව්‍යර්ථ වී ඇත්තේ එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් දෙදෙනෙක් වන මාවනැල්ලේ පදිංචිකරුවන් වන සාදික් සහ ෂාහිඩ් යන සහෝදරයන් දෙදෙනා අවසාන මොහොතේ ඊට විරෝධය දැක්වීම බවද වාර්තා වනවා.
ගම්පොළ පිහිටි පාවහන් වෙළෙඳසලක සැඟවී සිටිය දී පොලීසිය පෙරේදා (28 ) අලුයම අත්අඩංගුවට ගත්තේ එම සහෝදරයෙන් දෙදෙනායි.
ඒ එක් අයෙක් තුරිකිය හරහා සිරියාවට ගොස් අයි.එස්.අයි.එස් පුහුණුව ලබා තිබෙන බවද හෙළිවී තිබෙනවා.
මාවනැල්ලේ පිරිස සහ සහරාන් අතර ඒ සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවී තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සංවිධානයේ සාමාජිකයන් දෙපැත්තට බෙදීම නිසා රට පුරාම ප්‍රහාර එල්ලකිරීමේ මුල් සැලසුම ව්‍යාපර්ථ වී ඇතැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
මේ වන විට සහරාන්ගෙන් කැඩී වෙන්වූ සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සහරාන්ගේ අනුගාමිකයන් ද සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරියා කියා සිටියා.එසේ අත්අඩංගුවට ගත් අය අතර තුර්කිය හරහා සිරියාවට ගොස් පුහුණුව ලැබූ කිහිප දෙනෙක් ද සිටින බව සඳහන්.
මෙම කණ්ඩායමේ සිටි පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් දෙදෙනා ද මේ වන විට මියගොස් ඇතැයි ද අනාවරණය වී තිබෙනවා.
කටානේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අන්තවාදියා ඒ එක් අයෙක් බවට හඳුනාගෙන ඇති අතර කල්මුණේ සයින්දුමරුදු ප්‍රෙද්ශයේ දී ඉකුත් 26 දා ආරක්ෂක අංශ සමඟ ගැටී බෝම්බ පුපුරවාගෙන සියදිවි හානිකරගත් අය අතර අනෙත් බොම්බකරු සිටින බව හදුනාගෙන තිබෙනවා.
රිස්ඛාන් නැමැති ඔහු කුළියාපිටියේ පදිංචිකරුවෙකි.

No comments:
Post a Comment