වැලිසර නවලෝක පිටිය ආසන්නයේත් සැකකටයුතු වාහනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

වැලිසර නවලෝක පිටිය ආසන්නයේත් සැකකටයුතු වාහනයක්

වැලිසර නවලෝක පිටිය ආසන්නයේත් සැකකටයුතු වාහනයක්

වැලිසර, නවලෝක පිට්ටනිය ආසන්නයේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වන විට ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතියි.

මේ හේතුවෙන් මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය මහභාගය හන්දියෙන් වසා දමා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර, කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ මීට සුළු වේලාවකට පෙර බෝම්බයක් ඇතැයි ලද තොරතුරක් මත එය නිෂ්ක්‍රීය කිරීමට යෑමේ දී පුපුරා ගියේය.

සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිටිය දී මෙය සිදුව තිබේ.

එහිදී සැකකරුවෙකු ආරක්ෂ අංශ විසින් රැගෙන යමින් සිටිය දී ජනතාව කලහාකාරී ලෙස හැසිරෙන්නට විය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී අදාල වෑන් රථය පුපුරා යයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව හා ඒ අවට ආරක්ෂාව තර කර ඇත.

එමෙන්ම කඳාන ප්‍රදේශයේ සැකකටයුතු වෑන් රථයක් හා නිවාස දෙකක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් විසින් සෝදිසියකට ලක් කරමින් සිටින බව වාර්තා වෙයි.

තවද එඩේරමුල්ල පල්ලිය ආසන්නයේ සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි.

මොවුන් එම පල්ලියට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊයේ(21) දිනයේ දී පැමිණ ඇත්තැයි ද ආරක්ෂක අංශ සැකපල කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad