ජාතික තව්හීද් ජමාත්-ජමාතෙයි මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සෙයිලානි සංවිධාන දෙකක් තහනම් කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 27, 2019

ජාතික තව්හීද් ජමාත්-ජමාතෙයි මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සෙයිලානි සංවිධාන දෙකක් තහනම් කෙරේ

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස මෙය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇති බවට නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවිසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath-NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි ( Jamathei Millathu Ibrahmeen) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත."යනුවෙනි. 

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගන්නා බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad