"පලාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවනවා - මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක්" - මෛත්‍රී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

"පලාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවනවා - මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක්" - මෛත්‍රී

පලාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවන බවත් මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නෝර්වුඩ් සිව සුබ්‍රමණියම් ස්වාමි හින්දු කොවිල ශාලාවේ ප්‍රදේශයේ ජනතාවගේ ගටළු සාකච්චා කිරිම සදහා පැවති රැස්වීමකදීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවසීය.

"අද පලාත් සභා ඔක්කොම විසුරුවාහැරලා තියෙන්නේ. අද කිසිම පලාත් සභාවක් නෑ. අද පලාත් සභාවල බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයා ලඟ.ආණ්ඩුකාරවරයා තමයී අද මහ ඇමති. ආණ්ඩුකාරයා තමයී අද ඇමති. ඒ නිසා අද පලාතේ බලවත්ම පුද්ගලයා වෙලා තියෙන්නෙ ආණ්ඩුකාරයා. තියෙන ආණ්ඩුව පලාත් සභා ඡන්දය තියන්නෑ. වැරදියි. අපේ රටේ නීතිය අනුව වසර පහෙන් පහට පලාත් සභා තියන්න ඕන. නමුත් මේ ආණ්ඩුව පලාත් සභා තියන්න බයයි.ප්‍රාදේශිය සභා තිබ්බා එකෙන් ආණ්ඩුව ලොකු ප්‍රශ්නයකට මුහුණපෑව. දැන් දන්නවා පලාත් සභා තිබ්බොත් ජනතාව පලාත් සභාවෙනුත් ආණ්ඩුව ගෙදරයවන එක තමයී කරන්නේ. ඒ නිසා පලාත් සභා තියන්නෙත් නෑ.පලාත් සභා තියන්නැති එක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීයි. ජනතාව තීන්දු කරන්න ඕන කවුද තමුන්ගේ නියෝජිතයා කියලා. ජනතාව පත්කරගන්න ඕන ජනතාවට සේවය කරන්න නියෝජිතයව. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද ආණ්ඩුකාරයාට  තමයී බලය තියෙන්නේ. ආණ්ඩුකාරයා තමයී සම්පුර්ණ බලය මෙහෙයවන්නේ.මම හිතන විදියට තව අවුරුද්දකට මේ රටේ පලාත්සභා තියන්නේ නෑ. මේ රටේ තියෙන පළවෙනි මැතිවරණය තමයී ජනාධිපතිවරණය."

(ක්‍රිෂාන්තන්)

No comments:

Post a Comment

Post Bottom Ad