බීමත්ව රිය පැදෙව්වොත් වැඩ වරදී - විශේෂ පොලිස් මෙහෙයුම් රැසක් දිවයින පුරා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

බීමත්ව රිය පැදෙව්වොත් වැඩ වරදී - විශේෂ පොලිස් මෙහෙයුම් රැසක් දිවයින පුරා

බීමත්ව රිය පැදෙව්වොත් වැඩ වරදී - විශේෂ පොලිස් මෙහෙයුම් රැසක් දිවයින පුරා

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (11) සිට 20 වැනිදා දක්වා කාල තුළ සමස්ත ලංකාවම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කරන බවත්, මේ නිසා බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ වසරේ පළමු මාස දෙක තුළදී බීමත් රියැදුරන් දහනවදහස් දෙසිය හතළිස් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad