බුර්කාව තහනම් කිරිමට යෝජනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

බුර්කාව තහනම් කිරිමට යෝජනාවක්

බුර්කාව තහනම් කිරිමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් ආගමික සංවිධාන ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් තැපැල් හා මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධව සාකච්ඡා කළ  බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව කීය.

බුර්කාව යොදාගෙන සම්පූර්ණයෙන් මුහුණ වැසීම ඉස්ලාම් ආගමින් අනුමත කර නොමැති බවත්,මුස්ලිම් සමාජයේ බහුතරයක් කාන්තාවන් එය නොපලඳින බවත් පැවසු රහුමාන් මහතා බුර්කාව ඉවත් කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව කියා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා සඳහන් කළේ අද (23) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad