අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුණා – ගෝඨා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුණා – ගෝඨා

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුණා – ගෝඨා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා  ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනිමක් සිදු කෙරිණි.

පාක්ෂිකයෝ විශාල පිරිසක්  ඔහු පිළිගැනීම සඳහා  රැස්ව සිටි⁣ අතර, මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන්  පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට⁣ මද වේලාවක එහි රැදී සිටිමට ද සිදු විය.

මෙහිදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සඳහා තමා අමෙරිකාවට ගිය බව ය.

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වූ බව ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

තමාට එරෙහිව අමෙරිකාවේ පවරා ඇති නඩුව පිළිබඳව ද මෙහිදී රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය.

ඔහු සඳහන් කළේ, තම නීතිඥයින් අදාළ නඩුව නිශ්ප්‍රභ කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad