මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වුණා.
ඒ අනුව අධිකරණය මගින් මරණ දඩුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්දෙන් පසු එළඹෙන සති කිහිපය තුළ එය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බවටද වාර්තා පළ වනවා.
මේ අතර අලූගෝසු හෙවත් වදක තනතුරට දෙදෙනෙකු බදවා ගැනීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉකුත්දා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූවා.
ඊට සහභාගි වූ තිස් දෙනා ඉදිරි දෙසතිය තුළ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර ඒ අතරින් සුදුසු දෙදෙනෙකු අදාළ තනතුරට තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.
අදාළ තනතුරට තෝරා ගන්නා දෙදෙනා මානසික විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඔවුන්ගේ මානසික තත්ත්වයන් පිළිබද වාර්තාවක් ලබාගැනීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා.
Friday, April 12, 2019
මරණ දඩුවම මැයි පළමු වනදාට පෙර කි‍්‍රයාත්මක කිරීමේ සූදානමක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment