මාකඳුරේ මදූෂ්ට අයත් බව කියන මෑතකදී ප‍්‍රසිද්ධියක් ලැබූ කුලී රථ සමාගමක් පිළිබඳ තොරතුරු හෙලි වී තිබෙනවා. රැඳවුම් නියෝගමත කොළඹ වරාය භූමියේ අධි ආරක්ෂිත කුටියක රඳවාගෙන කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම කුලී රථ සමාගමේ හිමිකරු ලෙස මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කංජිපානි ඉම්රාන් පෙනී සිට ඇති අතර එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ මොහොමඞ් රිස්බාන් නමැත්තෙක්.
කෙසේ නමුත් පසුව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ගෝත අසංකගේ නියෝග මත රිස්බාන් නමැත්තා ඝාතනයට ලක්කර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.කෙසේවෙතත් රිස්බාන්ගේ මරණය සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මදූෂ් අතර ද බහින්බස්වීමක් සිදුව ඇති බවයි මේ වනවිට ලැබී ඇති තොරතුරුවල දැක්වෙන්නේ. එහිදී රිස්බාන් නමැත්තා සිය ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කර ගැනීම සම්බන්යෙන් කංජිපානි ඉම්රාන්, මාකඳුරේ මදූෂ් හට දෝෂාරෝපණය කර ඇති බව සඳහන්.
මේ අතර රිස්බාන් ඝාතනය කළ අයුරින්ම ඔහුගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාද ඝාතනය කරන බව මාකඳුරේ මදූෂ් පවසා ඇති අතර ඉන් අනතුරුව රිස්බාන් නැමැත්තාගේ ඝාතනය සිදු කළ කොස් මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අගුණකොලපැලැස්සේ ගෝඨාභයගම ප‍්‍රදේශයේදී පොල්ගසක ගැට ගසා වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය මාකඳුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේ සිට අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇති බව ද සඳහන්.
Friday, April 12, 2019
Home
ප්රවෘත්ති
මාකඳුරේ මදූෂ්ට අයත් මෙරට කුලීරථ සමාගමක් ගැන කංජිපානි ඉම්රාන් තොරතුරු වමාරයි..! තවත් රහස් රැසක් එළියට
මාකඳුරේ මදූෂ්ට අයත් මෙරට කුලීරථ සමාගමක් ගැන කංජිපානි ඉම්රාන් තොරතුරු වමාරයි..! තවත් රහස් රැසක් එළියට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment