මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි දාරියෙක් - සොහොයුරිය සියල්ල හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 25, 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි දාරියෙක් - සොහොයුරිය සියල්ල හෙළි කරයි


පසුගිය දා ලොවම කම්පා කරවමින් ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ  එක් මරාගෙන මැරෙන එක් බෝම්බකරුවෙකු  ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තහවුරු කර තිබෙනවා.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමති ඔහු ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර ස්වින්බර්න් සරසවියේ 2009 වසරේ සිට 2013 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුගේ සැක කටයුතු සබඳතා පිළිබඳව එරට ආරක්ෂක අංශවල ද පරීක්ෂාවට ලක්වී ඇති බවටයි වාර්ථා වෙන්නේ.

එංගලන්තයේදී ද අධ්‍යාපනය ලබා ඇති ඔහු  ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ පශ්චාත් උපාධිය ලබා ගැනීමටයි.

ඕස්ට්‍රේලියාවේදී අන්තවාදී ආගමික අදහස්වලට නැඹුරුවූ ඔහු මුළුමනින්ම වෙනස් පුද්ගලයෙකු වී ඇති බවයි ඔහුගේ සොහොයුරිය එරට පුවත්පතකට සදහන් කර ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad