අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 25, 2019

අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට

අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී ඊ‌යේ (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

ආදිල් අමිස් නැමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳව මීට වසරක පමණ ඉහතදී ද පොලිස් නිලධාරීන්ගේ සැකයට භාජනය වූ අයෙක් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇතැයිද පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad