මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 4, 2019

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබී ඇත. 

ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය කි‍්‍රයාවට නංවා ඇති බව ද වාර්තා වේ.

මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙක් පමණ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ අල් රෆා පොලිසියේ රඳවා සිටිති. ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රති විරුද්ධ පාතාල කල්ලි තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ද එරටින් ලැබෙන වාර්තා පවසයි. 

මාකඳුරේ මධුෂ් කෙසේ හෝ උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාවට නොපැමිණ වෙනත් රටකට පලා යෑමට බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා ඩුබායි පොලිසියෙන් මුදා හැරීමෙන් පසු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අවධානයකින් සිටීම නිසා මෙම පාතාල නායකයා ඇතුළු සගයන් සිවු දෙනකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඩුබායි පොලිසිය භාරයේ සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එකම අවස්ථාවකවත් මුදා නොහැර ඔවුන් වරින් වර නිදහස් කරන්නේ මධුෂ්ට රටින් පලා යෑමට ඉඩකඩ සලසා දීමට දැයි සැකයක් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මධුෂ් හොර රහසේම පලා යෑමට සැළසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු මොහු කෙසේ හෝ අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමේ කාර්යය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කිරීමට ද පොලිස්්පතිවරයා කටයුතු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad