අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ටත් ටැබ් දෙනවා - අකිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 4, 2019

අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ටත් ටැබ් දෙනවා - අකිල

අනෙකුත් ශ්‍රේණිවල දරුවන්ටත් ටැබ් දෙනවා - අකිල

උසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් සමඟ පාසල් එන්නට අවස්ථාව ඉදිරියේ දී ලබාදෙන්නට පියවර ගන්නා බවත්, අමතර කියවීම් පොත්, e-ඉගෙනුම්, e -  ටියුෂන්  ආදී පහසුකම් ඒ හරහා දරුවන්ට ලබාගැනීමට ඒ අනුව ඉඩ ප්‍රස්ථා සලසාදිය හැකි බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad