බෝම්බකරුවන් රැදී සිටි බව කියන පානදුර, කෙසෙල්වත්ත නිවසින් වාහනවල අංක තහඩු තොගයක් සොයා ගැනෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

බෝම්බකරුවන් රැදී සිටි බව කියන පානදුර, කෙසෙල්වත්ත නිවසින් වාහනවල අංක තහඩු තොගයක් සොයා ගැනෙයි


ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීම් සිදුකළ බෝම්බකරුවන් රැදී සිටි බව කියන පානදුර, කෙසෙල්වත්ත, පරත්ත පාරේ ෂෙරිෆ් මාවතේ පිහිටි කුලී නිවසේ තිබී වාහනවල අංක තහඩු කිහිපයක් සොයාගෙන ඇත.
එම අංක වන්නේ CP CAT 4260, WP CAS 7256  සහ CP CAV 4022  යි.  මේවා සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාදැයි තවම හඳුනාගෙන නැත.

මේ අතර, වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ නිවසක් රික්ෂා කිරිමේදී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් විසින් අදාළ භාණ්ඩ තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad