මහ මොලකරු සමග ප්‍රහාරය දියත් කල 8 දෙනාගෙ ඡායාරූපය IS සංවිධානය නිකුත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

මහ මොලකරු සමග ප්‍රහාරය දියත් කල 8 දෙනාගෙ ඡායාරූපය IS සංවිධානය නිකුත් කරයි



පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහරවල සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකුගේ ඡායාරූපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර  තිබෙනවා.

IS සංවිධානයේ AMAQ ප්‍රවෘත්ති සේවය මඟින් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.

මෙම ඡායාරුපයේ සිටින 8 දෙනාගෙන් 7 දෙනෙකු තම මුහුණු ආවරණය කර ගෙන සිටිය අතර එක් පුද්ගලයෙක් තම මුහුණ ආවරණය කර නොමැති අතර අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරයේ මහ මොලකරු වන සාරාන් හෂීම් නැමත්තා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එහෙත් මෙම ඡායාරෑපය මෙරට ආරක්ෂක අංශ නොමග යැවීම සඳහා තාක්ෂනික මෘදුකාංග භාවිතා කරමින් සංස්කරණය කර ඇති බවයි ඇතැමුන්ගේ මතය වී තිබෙන්නේ. මේ හේතුවෙන් මේ පිළිබඳව කරුණු වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad