සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කලින් කෝටි පති ව්‍යාපාරිකයාගේ පුතා වරින් වර ඇවිත් පෙරහුරු කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කලින් කෝටි පති ව්‍යාපාරිකයාගේ පුතා වරින් වර ඇවිත් පෙරහුරු කරලා



දෙමටගොඩ පදිංචි කෝටිපති කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහීම්ගේ දරුවන් 11 දෙනාගෙන් (පුතුන් 8- දියනියන් 3) පුතුන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනාම කොළඹ උසස් පාසල්වල ඉගෙන ගෙන පසුව වැඩිදුර අධ්‍යාපනය එංගලන්තයේ ලබා සිටි අයය. ව්‍යාපාරික වශයෙන්ද සාර්ථකත්වයක් පෙන්වූ ඉම්ෂාෆ් අහම්ඩ්  හට තඹ ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ තිබුන අතර ඔහු විවාහයෙන් පසු මහනුවර නිවසක පදිංචිව සිටියේය. 38 හැවිරිදි ඉන්ෂාෆ්ට වයස 8 ක දියණියකද 6,4 හා 2 වයස්වල පිරිමි දරුවන් තුන් දෙනෙකුද සිටි බව පැවසේ. ඉන්ෂාම් හා පියා යූසුෆ් සිය ව්‍යාපාරික සාර්ථකත්වය වෙනුවෙන් සම්මානයටද පාත්‍රවූ අයයි. ඇමති සූජීව සේනසිංහ අතින් ඔහු පියා සමග සම්මාන ගන්නා ඡායාරූපයක්ද ප්‍රසිද්ධව ඇත.

 වරින්වර කොළඹ පියාට අයත් නිවසේ හා ඔහුගේ මහනුවර ඔහු නිවසේ ජීවත්වී ඇත. ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් අවන්හලේ පුපුරුවාගැනීම තනිව කළේය. තම බිරියටද ඒ් බව වසන් කළ ඔහු ඇයට පවසා තිබුනේ සැම්බියාවේ සංචාරයකට යන බවකි.

ඔහුගේ පියාගේ දෙමටගොඩ  නිවස අසළ තිබුණ ඔහුට අයත් සුදුපැහැති බීඒම්ඩබ්ලිව් කාර් රථයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සලකුණු සහිත වතුර බෝතල්ද තිබුණ අතර ඔහු බොම්බය පුපුරවන්නට පෙර හෝටලයට වරින්වර ගොස් පෙරහුරු පවත්වා ඇති බවට තොරතුරු අණාවරනය වනවා.

දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3කින් යුත් සුඛෝපභෝගී නිවසේ නිදන කාමර 6 ක් තිබී ඇත.  ඉම්ෂාෆ්ගේ සොයුරු  36 හැවිරිදි ඉල්හාම් සිය පවුල සමග ජීවත්වුයේ පියාද සමග ඒ නිවසේය. ඉල්හාම් ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීම තවත් සගයෙකු සමග එක්වී සිදු කළ බව මේවනවිට තහවුරුවී ඇත. පිපුරුමට පෙර හෝටලයේ නැවතී සිට ඇති ඔහු 21 වනදා උදෑසන ආහාර අවස්තාවේ විදුලි සෝපානයෙන් 3 වන තට්ටුවට බැස ටේබල් වන් ආපන ශාලාවට යන අයුරු සීසීටීවී පටිගතවී ඇත.
සිද්ධිය වූ දිනයේ සවස දෙමටගොඩ නිවස පොලිසිය වටළන ලද අවස්ථාවේ දෙවැනි පිපුරුමෙන් මියගියේ ඉල්හාම්ගේ ගැබිණි බිරිය හා පිරිමි දරුවන් තිදෙනෙකි.











No comments:

Post a Comment

Post Bottom Ad