"මෙය දීර්ඝ කාලයක් සැලසුම් කළ ප්‍රහාරයක්" - අගමැති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

"මෙය දීර්ඝ කාලයක් සැලසුම් කළ ප්‍රහාරයක්" - අගමැති

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරය දීර්ඝ කාලයක් සැලසුම් කළ ප්‍රහාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. 

" අද තිබෙන්නේ ආගමික ත්‍රස්තවාදයක්. මේකට අතලොස්සක් සම්බන්ධවුණත් ඇත්තෙන්නම මේක දීර්ඝ කාලයක් කළ සැලසුමක්. මේ අයට හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගෙන රදවාගැනීමට පොලීසියට හා හමුදාවට බලතල ලබා දී තිබෙනවා. පොලීසිය හා හමුදාව මේ වන විට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණන් කියන්නේ නෑ. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාර හෙළා දකිනවා. අවුරුදු දෙකක යුද්ධයකට යන්න ඉඩ දෙන්නේ නෑ. ත්‍රස්තවාදය අවසන් කරන්න පියවර ගන්නවා."

No comments:

Post a Comment

Post Bottom Ad