
පසුගිය 21 වැනිදා දිවයිනේ ප්‍රධාන දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ගේ පියා කිසියම් හෝ ආකාරයක දැනුවත් භාවයකින් සිට ඇති බව පැවසුවේ තමන් කැබිනට් ඇමතිවරයෙකුව සිටියදීත් එවැනි අනතුරක් ගැන නොදැන සිටි බව පෙන්වීම යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
නමුත් ඇතැම් මාධ්‍ය හා පාර්ශව තමන්ගේ ජීවිතය බේරුණේ පියා නිසා යැයි සමාජ ගත කිරීම පිළිබඳ කණගාටු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රහාරය සිදු වන විට තමන් බදුල්ල දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වී සිටි අතර ඒ මොහොතේ එම දේවස්ථානයට ද පොලිස් ආරක්ෂාව ලබා දී වහාම කොළඹ පැමිණි බව හෙතෙම කියාසිටියේය.
විශේෂයෙන් මෙම අනතුර සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා තිබියදීත් ඒ පිළිබඳ නොසලකා හරියේ කවුද යන ප්‍රශ්නය නැගීමට තමන් කටයුතු කළ බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
එම වීඩියෝව පහතින්,
No comments:
Post a Comment