වගකීමෙන් කටයුතු කරමු ! ; සංවේදී මොහොතේ කාරුණික ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

වගකීමෙන් කටයුතු කරමු ! ; සංවේදී මොහොතේ කාරුණික ඉල්ලීමක්


ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයක් ඉදිරියෙහි සිටී.

විශේෂයෙන් 2019. 05. 21 ප්‍රහාරය ශ්‍රී ලංකා ඉතිහාසයෙහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

දැනට සිදුව ඇති පිපිරීම් සිදුව හමාරය. ජීවිත ගණනක් අහිමි වී අවසන්ය. එහෙත් ඉදිරිය කෙසේවේදැයි තීරණය කරනු ඇත්තේ මේ මොහොතේ ඔබේත් මගේත් හැසිරීම විසිනි.

එහෙයින් තමන් වෙත ලැබෙන සංවේදී පුවත්, ඡායාරූප, වීඩියෝ පට සංසරණය කිරීමේදී ඉතාම වගකීම් සහගතව කටයුතු කරන මෙන් සියලුම පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු. එසේම තහවුරු නොකළ ප්‍රවෘත්ති සංසරණය කිරීමෙන් වැළකී සිටින මෙන්ද ආයාචනා කරමු.

එමෙන්ම බොරදියේ මාළු බෑමට සැරසෙන කවර හෝ කණ්ඩායමකගේ උගුල්වලට හසු නොවන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු.

මේ විනිශ්චාසනය ඉදිරියේ ඇත්තේ ඔබේත් මගේත් රටේ උපන් නූපන් දරුවන්ගේත් අනාගතයයි.

එහෙයින් හැඟීම්වලට නොව බුද්ධියට ඉඩ දී වගකීමෙන් යුතුව කටයුතු කරමු.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පළවූ සියලුම පුවත් කියවීමට මෙතනින් පිවිසෙන්න

No comments:

Post a Comment

Post Bottom Ad