පාර්ලිමේන්තු මාර්ග සිතියමක් සහ සැකසහිත ලොරියක් සමඟ සැකකරුවෙකු බලංගොඩදී අත්අඩංගුවට - Video - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

පාර්ලිමේන්තු මාර්ග සිතියමක් සහ සැකසහිත ලොරියක් සමඟ සැකකරුවෙකු බලංගොඩදී අත්අඩංගුවට - Video


බලංගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී පාර්ලිමේන්තුවේ මාර්ග සැලැස්මක් සන්තකයේ තබාගෙන සිටි සැකකටයුතු තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු සන්තකයේ තිබී පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නිකුත්කරනු ලබන අවසරපත් 6ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ 2 ක්, ඊයම් බෝලයක්, සිම් කාඩ්පත් කිහිපයක්, ජංගම දුරකථන 3ක්, බැංකු කාඩ්පත් කිහිපයක්ද සොයාගැනීමට සමත්වූවා.

සැකකරු සතුව තිබූ පිටතට නොපෙනෙන ලෙස ව්‍යාජ තට්ටුවක් සැකසූ ලොරි රථයක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

අනතුරුව පොලිස් නිළ සුනඛ ටෝගා යොදාගනිමින් ප්‍රදේශයේ වැඩිදුර සෝදිසිකිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.





No comments:

Post a Comment

Post Bottom Ad