පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සොයා පොලීසියෙන් මෙහෙයුම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 23, 2019

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සොයා පොලීසියෙන් මෙහෙයුම්

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.
 
යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad